රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ඉන්දියානු හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර පවත්වනු ලැබූ 7 වන මාණ්ඩලික සාකච්ජාව සඳහා පැමිණි දූත පිරිසේ ප්‍රධානත්වය දරණ රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා අද (පෙබරවාරි 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය.
එහිදී ඔවුන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කරුණු සාකච්ජා කළ අතර, දෙරටෙහි නාවික හමුදා අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම, මාණ්ඩලික සාකච්ජා වල ප්‍රගතිය පිළිබඳව ද අදහස් හුවමාරු කරගන්නා ලදී. මෙම නිල හමුව සහ දෙරටෙහි නාවික හමුදාවන් අතර පවතින සුහදත්වය සංකේතවත් කරමින් රියර් අද්මිරාල් විග් මහතා සහ රියර් අද්මිරාල් රොසයිරෝ මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





