ඉන්දියානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා 7 වන මාණ්ඩලික සාකච්ඡාව පැවැත්වෙයි
ඉන්දියානු හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර පවත්වනු ලැබූ 7 වන මාණ්ඩලික සාකච්ජාව අද (පෙබරවාරි 07) කොළඹ ලයිට් හවුස් ගැලි පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය. ශ්‍රී ලංකා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ඉන්දියානු නාවික හමුදාව නියෝජනය කරමින් රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම සාකච්ඡාව සඳහා එක්වී සිටියහ.
එහිදී, දෙරටේ නාවික හමුදා අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, ඉන්දියන් සාගරය අවට මුහුදු ප්‍රදේශයේ සමුද්‍රීය ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය ඇතුළු, නාවික කටයුතු පිළිබඳ වැදගත් කරුණු රාශියක් පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා ලදී.




