බෝගහගොඩ රබර් කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
ගාල්ල, බෝගහගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම් ඊයේ (පෙබරවාරි 08) සිය සහාය දැක්වීය. සී/ස සැම්සන් රික්ලේම් රබර් කර්මාන්ත ශාලාවේ විශාල ගින්නක් හට ගෙන ඇති බවට නාවික හමුදාවට තොරතුරු වාර්තා වූ සැනින් දකුණු නාවික විධානයට අයත් ගිනි නිවීමේ කණ්ඩායම් 02 ක් එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
එම ගිණි නිවීමේ කණ්ඩායම සඳහා නිලධාරීන් දෙදෙනෙකු සහ නාවිකයන් 12 දෙනෙකු ඇතුළත් වූ අතර, මහත් පරිශ්‍රමයක් දරමින් ඔවුන් එම කර්මාන්ත ශාලාව පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සහාය දක්වන ලදී.





