ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (පෙබරවාරි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
එහිදී, නාවික හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීම් ලැබීම පිළිබඳව එතුමන් වෙත සිය සුභපැතුම් එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


