ශ්රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්රධානී හමු වෙයි
ශ්රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා අද (මාර්තු 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමු විය.
එහිදී, ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




