බල නැවි ඉන්දික දිසානායක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දෙයි
21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා ගැනීමට නාවික හමුදාව නියෝජනය කළ බල නැවි ඉන්දික දිසානායක ක්‍රීඩකයා අද (අප්‍රේල් 06) සමත්ව තිබේ. ඔහු විසින් දිනා ගත් මෙම පදක්කම නාවික හමුදා ඉතිහාසයේ නාවිකයෙකු විසින් අත්කර ගත් ඉහලම ජාත්‍යන්තර පදක්කම බවට සනිටුහන් විය.
බර ඉසිලීමේ ඉසව්වේ කිලෝග්‍රෑම් 69 බර පන්තියෙන් තරඟ කළ ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 137 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 160 ක් ඔසවා ඇත. ඒ අනුව ඔහු ඔසවා ඇති සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 297 කි. බල නැවි ඉන්දික දිසානායක මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු 2009 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වී ඇත.

