ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2018
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය 2018 ඊයේ (අප්‍රේල් 06) ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අත්පන්දු ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවට පත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගීවි සිටි අතර, දක්ෂතම ක්‍රීඩකයා ලෙස පුහුණු විධානය නියෝජනය කළ මධ්‍ය නිලධාරි, එච්ඒඑන් සිල්වා විසින් ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නැගෙනහිර නාවික විධානය නියෝජනය කළ බල කාන්තා ශාරිරික අභ්‍යාසක ඒකේකේ අලුත්ගේ විසින්ද දිනා ගන්නා ලදී. ඒ අනුව සමස්ථ තරඟාවලියේ කාන්තා ශූරතාවය නැගෙනහිර විධානය ද පිරිමි ශූරතාවය පුහුණු විධානයද හිමිකර ගැනීමට සමත් විය.
ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු හසිත ගමගේ මහතා සහ දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම විශාල නාවිකයින් පිරිසක් ද සහභාගිවි සිටියහ.























