මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, චේග් සූයුවාන් මහතා ඊයේ (අප්‍රේල් 07) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.
එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




