නාවික හා සාගරික විද්‍යාපිඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාවන් සාර්ථකව නිමා වේ
නාවික හා සාගරික විද්‍යාපිඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 59 දෙනෙකු හට සහතිකපත් ප්රදානය කිරීම ඊයේ (අප්‍රේල් 07) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලන ජිනදාස මහතා සහභාගී විය.
මෙහිදි විධායක අංශයේ 20 වන, සැපයුම් අංශයේ 23 වන සහ නාවික සෙබළ/විනයාරක්ෂක අංශයේ 18 වන උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් 59 දෙනෙකු වෙනුවෙන් සහතිකපත් ප්රදානය කරන ලදී. එමෙන්ම මෙම පාඨමාලවන් සාර්ථක කර ගැනීම සඳහා කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා (නැගෙනහිර), කොමදෝරු ඩෙස්මන් පෙරේරා මහතා, සහාකර විනයාරක්ෂකාධිපති (නැගෙනහිර) කොමාණ්ඩර් මාලින්ද බෝගහලන්ද මහතා සහ නාවික හා සාගරික විද්යපිඨයේ ආඥාපතිතුමාගේ පුර්ණ අධික්ෂණය යටතේ පවත්වන ලදී. ඒ අනුව ලුතිනන් ඒඑච්එන්එම්. කරුණාතිලක, ලුතිනන් (සැ) ඩබ්එම්වයිඒ වනිගසේකර සහ ලුතිනන් (විආ) එන්එම්එස්ඒ දිසානායක යන නිලධාරින් පිලිවෙලින් විධායක, සැපයුම් සහ නාවික සෙබළ/විනයාරක්ෂක යන පාඨමාලාවන්හි දක්ෂතම නිලධාරීන් වශයෙන් ඇගයීමට ලක් විය.
එම උත්සව අවස්ථාව ඇමතූ කොමදෝරු කලන ජිනදාස මහතා පාඨමාලාව හැදැරු සියළුම නිලධාරින් හට සුබපැතුම් පිරිනැමු අතර, පුහුණුව තුලින් ලබා ගන්නා පන්නරය සහ අනාගත නාවික හමුදාවේ නායකයන් ලෙස වගකීම් දැරීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද, උසස් නාවික සම්ප්‍රදායන් පිළිබඳව තරුණ නිලධාරින් හට සිහිපත් කර දුන් ආඥාපතිතුමන් මෙම සම්ප්‍රදායන්, විනය, අවංකත්වය සහ ගෞවරවය යන කරුණු මත රදා පවතින බව වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාව සඳහා නිලධාරින් පුහුණු කිරීමේ නිලධාරි, කොමාණ්ඩර් ලක්ෂිත රත්නතිලක මහතා, නාවික හා සාගරික විද්‍යාපිඨයේ නියෝජ්‍ය පුහුණු විධායක, කොමාණ්ඩර් රංගන ද සොයිසා මහතා සහ නාවික හා සාගරික විද්‍යාපිඨයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ප්‍රදීප කොඩිප්පිලි මහතා මෙන්ම විද්‍යාපිඨයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.







