231 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 379 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 231 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 379 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (අප්‍රේල් 07) විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා සහභාගී විය.
ගරුතර මහා සංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වැඩබලන ආඥාපති සහ පුහුණු විධායක, කොමාණ්ඩර් (නාසෙ) සුමේධ හිටිනායක මහතා ඇතුලු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.
ඉතා ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සමන්විත වූ මෙම විසිරයාමේ පෙළපාලියේදී තම මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්රධානයක්ද සිදු කෙරිණි. එහිදී 231 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නාවික ඩබ්එස්එස් විජේරත්න කුසලාන හිමි කර ගන්නා ලදී. සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නාවික ඩබ්පීටී ඩෙප් කුසලාන හිමිකර ගත් අතර, ආධුනික නාවික එල්එම්අයිඩී විජේසේකර හොඳම ඉලක්කකරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව ආධුනික නාවික එස්ඒඑස්යූ රුපසිංහ හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය ද දිනාගන්නා ලදී.




















