නැගෙනහිර නාවික විධානය විසින් ස්කොෂ් ක්‍රීඩා පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි
නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතාගේ උපදෙස් මත පසුගිය අප්‍රේල් 03 සහ 04 යන දෙදින තුළ නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කරන ලද ස්කොෂ් පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පිහිටි ස්කොෂ් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ශ්‍රී ලංකා නාවික හමුදා ස්කොෂ් සංගමයේ සභාපති, කපිතාන් ප්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා ස්කොෂ් සංගමයේ පුහුණුකරු ලාල් වික්‍රමසිංහ මහතාගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ මුලික අරමුණ වුයේ නාවික හමුදාව සතු අංගසම්පුර්ණ පහසුකම් වලින් යුක්ත ස්කොෂ් ක්‍රිඩා පිටිය පිහිටා ඇති නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත තරුණ නිලධාරින් සහ නාවිකයන්ගේ ස්කොෂ් ක්‍රිඩාවට ඇති හැකියාවන් වැඩි දියුණු කිරීමයි.
මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූ නාවික පුද්ගලයින් හට ස්කොෂ් ක්‍රිඩාවේ ඇති මුලික තාක්ෂණය සහ ඒ හා සම්බන්ධ නීතිරිති පිළිබඳව මුලික අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබුණු අතර, මෙම වැඩසටහන සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නාවික පුද්ගලයින් විශාල පිරිසක් ද සහභාගීවි සිටියහ.






