අන්තර් විධාන මුහුදු පිහිනුම් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි
අන්තර් විධාන කිලෝ මීටර් 2 මුහුදු පිහිණුම් තරඟාවලිය ඊයේ දින (අප්‍රේල 28) ත්‍රිකුණාමලය නිකල්සන් කෝව් මුහුදු තීරයේ උත්කර්ශවත් අයුරින් පැවැති අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම තරඟාවලියේ සමස්ථ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය හිමි කර ගත් අතර, සමස්ථ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් හිමි කර ගන්නා ලදී. මෙම තරඟාවලියේ ප්‍රථම ස්ථානය නාවික දියත් විධානය නියෝජනය කළ ඉංජිනේරු කාර්මික (නැව්බඳ) නදීර පෙරේරා දිනාගත් අතර, කාන්තා ප්‍රථම ස්ථානය බටහිර නාවික විධානය නියෝජනය කළ ලුතිනන් අචිනි කරුණාරත්න දිනාගන්නා ලදී.
පිහිණුම් තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහභාගී වූ අතර, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද සහභාගීවි සිටියහ.











