උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශේෂ ලේ දන්දීමේ වැඩසටහනකට එක්වෙති
වෙසක් උත්සවය නිමිත්තෙන් යාපනය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය විසින් පසුගිය අප්‍රේල් 28 වන දින රෝහල් රුධිර බැංකුවේදී විශේෂ ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කර තිබුණු අතර, ඒ සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කේසීඩි සෙනෙවිරත්න මහත්මියගේ ඉල්ලීමකට අනුව උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම උතුම් කර්තව්‍ය සිදු කරන ලද අතර, උතුරු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ. තවද, මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ කාර්යය මණ්ඩලය සිය පුර්ණ දායකත්වය ලබා දෙන ලදී.
එමෙන්ම, යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව සඳහා අවශ්‍යව තිබු හදිසි ලේ අවශ්‍යතාවය සපුරාලිම සඳහා පසුගිය අප්‍රේල් 07 වන දින ද උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලද අතර, උතුරු ප්‍රදේශයේ අහිංසක රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් එය සංවිධානය කරන ලදී.











