‘උඩවලව සුපර් ක්‍රොස් - 2018’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා කාර්මික ඉංජිනේරු බලකාය (SLAEME) සහ ශ්‍රී ලංකා යතුරු පැදි සංගමය එක්ව සංවිධානය කරනු ලැබු ‘උඩවලව සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය පසුගිය මැයි 13 වන දින සෙවනගල පිහිටි ‘Craftsman’s Auto Drome’ ධාවන පථයේ දී සාර්ථකව නිමාවට පත් වන ලදී.
මෙම තරඟාවලිය සඳහා මෝටර් රථ ඉසව් 11 ක් සහ යතුරුපැදි ඉසව් 13 ක් යටතේ දිවයිනේ ප්රමුඛ පෙළේ යතුරුපැදි ධාවකයින් සහ මෝටර් රථ ධාවකයින් 145 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර, එහිදී සුවිශේෂි හැකියාවන් දක්වමින් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව, පහත සඳහන් ජයග්‍රහණ නාවික හමුදා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.
STD 125 Event
ප්‍රථම ස්ථානය | - | නායක නැවි එම්එන් පෙරේරා |
STD 250 CC RACE 1
තෙවන ස්ථානය | - | සානැවි ඩීඑම්ඩීඑස්ජේ සඳරුවන් |
250 CC RACING EVENT RACE 01
තෙවන ස්ථානය | - | සානැවි ඩීඑම්ඩීජි සඳරුවන් |
250 CC RACING EVENT RACE 02
තෙවන ස්ථානය | - | සානැවි ඩීඑම්ඩීජි සඳරුවන් |














