අන්තර් විධාන රග්බි තරඟාවලිය වැලිසරදී නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය 2018 මැයි මස 18 වන දින සිට 20 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ රග්බි ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් රග්බි කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ අනුව තරඟාවලියේ කාන්තා සහ පිරිමි සමස්ථ ශූරතාවය පුහුණු නාවික විධානය විසින් හිමි කර ගැනීමට සමත් විය.
අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන, රියර් අද්මිරාල් කස්සප පෝල් මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා රග්බි සංචිතයේ සභාපති, රියර් අද්මිරාල් උදය හෙටිට්ආරච්චි මහතා ඇතුළු බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.











