ඉන්දියානු ආරක්ෂක උපදේශක දකුණු නාවික පෙදෙස භාර අඥාපති තුමන් හමුවෙයි.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ඊයේ (මැයි 25) දකුණු නාවික විධාන භාර අඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමු විය.
මෙහිදී ඔවුන් ද්වි පාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ජා කරමින් සුහඳ පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරුනු අතර, මෙම අවස්ථාව සඳහා දකුණු නාවින විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.




