ගැබිනි කාන්තාවක් හා මාස 03ක දරුවකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වේ
ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට පහව යමින් පවතින අතර, විපතටපත් ජනතාවෙගේ සාමාන්‍ය ජන ජීවිතය නගාසිටුවීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 54 ක් දක්වා වැඩිකර ඇති අතර, තවදුරටත් සහන සැළසීමේ කටයුතුවල නිරතව ඇත.
ඊයේ (මැයි 25) දින සවස බත්තුනු ඔය පාලම ප්‍රදේශයේ ජලගැනිම හේතුවෙන් නිවාස කිහිපයක සහ හලාවත පුරිච්චිකුලම් ප්‍රදේශයේ නිවාසයක සිරවී සිටි කාන්තාවන් සහ කුඩා, දරුවන් ඇතුලු පිරිසක් මහත් පරිශ්‍රමයකින් පසුව නිරුපද්‍රිතව බේරා ගැනීමට ශ්‍රීලංකා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් සමත් විය.
ඒ අතර, හලාවත පුරිච්චිකුලම් ප්‍රදේශයේ නිවාසය තුල ගැබිනි මාතාවක් සහ මාස 03 වයසැති කුඩා දරුවකු ද සිට ඇති අතර, ඩිංගි යාත්‍රා භාවිතා කරමින් එම ස්ථානයට ලඟාවීමට නොහැකි වු නිසා නාවිකයන් විසින් පිහිනා ගොස් මෙම පුද්ගලයන් සුරක්ෂිත ස්ථාන වෙත ගෙනඒමට සමත් විය.





