ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය
ගං වතුරින් විපතටපත් ජනතාවෙගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් වල නිරතවේ. තවද, නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 65 ක් සහ යාත්‍රා 55 ක් දක්වා වැඩිකර ඇත.
අද (මැයි 26) කැළණිය, පට්ටිහංඳිය සහ පෑලියගොඩ වැලිපාර මීගහවත්ත ප්‍රදේශයන්හි ඇල මාර්ග ජලජ ශාක හේතුවෙන් අවහිරවී ජලය බැසයාමට බාධාවක්ව පැවති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකායේ සහන කණ්ඩායම් එම ඇල මාර්ගයන්හී ජලජ ශාක ඉවත් කොට ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කර න ලදී. ඒ සඳහා ගුවන් හමුදා සෙබළුන්ගේද සහාය හිමිවිය.
ගම්පහ විජේරාම ප්‍රදේශයේ සහ ජාඇල මාඑළිය ප්‍රදේශයේ ගං වතුරෙන් විපතටපත් ජනතාව හට අද (මැයි 26) දින මධ්‍යහනයේදී පිසූ ආහාර සහ වියළි ආහාර බෙදාදීම නාවික හමුදා සහන කණ්ඩායම් විසින් සිදු කරන ලදි.
තවද, වත්තල හුණුපිටිය ශ්‍රී විජේසුන්දරාරාමය අසල ඇති ඇල මාර්ගය පිරිසිඳු කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන්ගේ උපදෙස් ලබා දෙන ලදී.

















