දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම වැලැක්වීමට නාවික හමුදාව දැඩි පරිශ්රමයක් දරයි
පසුගිය (මැයි 25) දින ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යට වු අතර, තවමත් එම ඇලෙහි ජලය පිටාර ගැලීම නොනැවතී පවතින බැවින් අද (මැයි 27) දිනද උදෑසන සිටම මාර්ගය දෙපස වැලි කොට්ට අතුරමින් ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි පරිශ්රමයකින් යුතුව නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කරයි.







