නාවික හමුදාධිපති තුමා සිව්වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්රදානෝතසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ
සිව්වන (4) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව නිමාව සනිටුහන් කරමින් 2018 මැයි 26 වන දින පැවති සහතික ප්රදානෝත්සවය අති උත්කර්ශවත් අන්දමින් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.
උත්සවය සඳහා පැමිණ සිටි නාවික හමුදාධිපති තුමා ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරින් සහ ආරාධිතයින්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා, විසින් පිළිගැනීමෙන් අනතුරුව කොමාණ්ඩර් උදයකුමාර ඉංදික නිලධාරියා විසින් සැපයුම් කළමණාකරණ පාඨමාලාව පිළිබදව හැදින්වීමක් සිදුකළ අතර, සහතිකපත් ප්‍රදානයෙන් අනතුරුව නාවික හමුදාධිපති තුමන් ද උත්සව සභාව අමතන ලදී.
2018 වර්ෂයේ සිව්වන (4) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ දක්ෂතම නිලධාරීයා සහ නාවික විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් නිලධාරීයා ලෙස ලුතිනන් කොමාණ්ඩර් (සැ) තරංග විජේසේකර සහ ශාෂ්ත්රීය විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නිලධාරීයා ලෙස ලුතිනන් කොමාණ්ඩර් (සැ) ෂාන් ආරියසේන යන නිලධාරීන් හට නාවික හමුදාධිපති තුමන්ගේ සුරතින් ත්‍යාග සහ කුසලාන පිරිනමන ලදී.
තවද මෙම අවස්ථාව සඳහා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල්, රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ මහතා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරින් සහ ආරාධිතයින් රැසක් සහභාගී විය. කපිතාන් (සැ) අචල ද සිල්වා මහතා විසින් ස්තුති කථාව කිරීමෙන් අනතුරුව උත්සව සභාවේ වැඩ කටයුතු අවසන් කරන ලදී.








