ජාතික පරිසර සතියට නාවික හමුදා දායකත්වය
ජුනි 5 වන දිනට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුල මැයි 30 වන දින සිට ජුනි 05 වන දින දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය මඟින් සංවිධානය කරනු ලබන මීගමුව කඩොලාන ආශ්‍රිතව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.
මෙම වැඩසටහන මඟින් පරිසරයට අහිතකර පොලිතීන්, ප්ලාස්ටික් සහ දිරාපත් නොවන ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරන ලද අතර, ඒ සඳහා යුද්ධ සහ ගුවන් හමුදාව, විශ්ව විද්‍යාල සිසුන් , රාජ්‍ය ආයතන, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමණාකරණ දෙපාර්තමේන්තුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ධීවර අමාත්‍යංශයට අනුයුක්ත නිලධාරීන්, ධීවර සමිති සාමාජිකයින් සහ පෞද්ගලික ආයතනයන්හී නිලධාරීන් ඇතුළුව පුද්ගලයින් 700 කට අධික පිරිසක් සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන අධ්යක්ෂ ජෙනරාල්, ගාමිණි හේවගේ මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම්, අලවත්ත මහතා, සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපති, විශ්‍රාමික රියර් අද්මිරාල් පීඒඩීආර් පෙරේරා මහතා හා සමුද්‍රීය පරිසර අධිකාරියේ නියෝජ්‍ය සාමාන්යාධිකාරිමෙහෙයුම්, කොමාණ්ඩර් එම්ඒජේ ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

















