ආරක්ෂක සේවා හබල් ඔරු පැදීමේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදාවට
ආරක්ෂක සේවා හබල් ඔරු පැදිමේ තරඟාවලිය 2018 පසුගිය ජුනි 20 සහ 21 යන දෙදින තුළ බත්තරමුල්ල, දියවන්නා ජලාශය ආශ්‍රිතව පවත්වන ලදී. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීය. මෙම තරඟාවලිය සඳහා පිරිමි අංශයෙන් නාවික හමුදාව නියෝජනය කළ ක්‍රීඩකයින් ඉසවි K 1 200 M , K 1 500 M, K 2 500 M , C 1 500 M සහ ඩැගන් බෝට්ටු තරඟ ඉසවි වලින් ප්‍රථම ස්ථානය ලබාගත් අතර, කාන්තා අංශයෙන් නාවික හමුදාව නියෝජනය කළ ක්‍රීඩිකාවන් ඉසව් K 1 200 M , K 1 500 M සහ K 1 1000 M යන තරඟ ඉසව් වලින් ප්‍රථම ස්ථාන ලබා ගනිමින් ආරක්ෂක සේවා හබල් ඔරු තරගාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු කර ගන්නා ලදි. තවද, තරඟාවලියේ දක්ෂතම හබල් ක්‍රීඩකයින් ලෙස නායක නැවි ආර්පීඩිබීඅයි විජේරත්න ක්‍රීඩකයා සහ කාන්තා සංඥා කේඩබ් වැලිකල ක්‍රීඩිකාව ද හිමි කර ගැනීමට සමත් වන ලදී.
නාවික හමුදා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් පිරිසක් ද සහභාගිවි සිටියහ.









