උතුරු නාවික විධානය විසින් එළුවතිව් දූපතේ වෛද්‍ය කඳවුරක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (ජුනි 24) එළුවතිව් දූපතේ, ශාන්ත තෝමස් රෝමානු කතෝලික දේවාස්ථානයේදී වෛද්‍ය සායනයක් පවත්වන ලදි.
යාපනය ගොඩබිම් කොටසින් වෙන්ව හුදකලාව පිහිටා ඇති එළුවතිව් දූපතේ පදිංචි සිවිල් පුද්ගලයින් 253 කට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා වූ අතර, නාවික හමුදාව උතුරු අර්ධද්විපයේ දුපත් වල සිදු කරනු ලබන මෙවැනි ප්‍රජා සත්කාර සේවාවන් ඔවුන්ගේ නොමද පැසසුමට ලක් විය.
මෙම කඳවුරේදී රෝග පරීක්ෂාව, සියළු පරීක්ෂණ සහ ප්රතිකාරද නොමිලේ ලබා දෙන ලද අතර, බෝවන රෝග සහ බෝ නොවන රෝග සම්බන්ධයෙන්ද ප්‍රතිකාර සිදු කරනු ලැබීය. මෙම වෛද්‍ය සායනය මඟින් රෝගීන් වෙත නිකුත් කළ ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතන විසින් නොමිලේ ලබා දීමට කටයුතු කෙරිණි.







