එක්සත් ජනපද නාවික හමුදා නියෝජ්‍ය සහකාර ලේකම් (අන්තර්ජාතික වැඩසටහන්) නාවික හමුදාධිපති හමුවෙයි
එක්සත් ජනපද නාවික දෙපාර්තමේන්තු කාර්යාලයේ නියෝජ්‍ය සහකාර ලේකම් (අන්තර්ජාතික වැඩසටහන්), රියර් අද්මිරාල් ෆ්‍රැන්සිස් ඩී මොර්ලි මහතා ඇතුළු දූත පිරිස අද (ජුනි 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
ඉන් අනතුරුව ඔහුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දක්වනු ලබන සහයෝගය පිළිබඳව රියර් අද්මිරාල් මොර්ලි හට සිය ස්තුතිය පුද කිරීමට ද නාවික හමුදාධිපතිතුමා කටයුතු කරන ලදී. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ද සහභාගී වීය.




