‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ
තිස් වසරක කුරිරු යුද්ධයේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි කැපකල හා ආබාධිත තත්ත්වයට ලක් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධන කටයුතු හා ඔවුන්ගේ ජිවිතය නගා සිටුවිමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවනවරටත් ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය හා එක්ව සංවිධානය කරනු ලැබූ ‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය ඊයේ (ජුනි 24) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ආරාධනය පරිදි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
ත්‍රිවිධ හමුදා මෙන්ම දිවයිනේ ප්රමුඛ පෙළේ යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් මෙම තරඟාවලිය සඳහා සහභාගි විය. ඒ අනුව යතුරුපැදි කරුවන් 120 ක් සහ මෝටර් රථ ධාවකයින් 110 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ අතර, විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් මෙම තරඟාවලිය නැරඹීමට එක්ව සිටියහ. තරඟාලියේදී යතුරුපැදි අංශයේ තරඟ 12 ක් මෙන්ම මෝටර් රථ අංශයේ තරඟ 14 ක් සමගින් සමස්ත තරඟ ඉසව් 26 ක් පවත්වන ලදි. මෙහිදී දිවයිනේ සිටින දක්ෂ මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සුවිශේෂි හැකියාවන් හා දක්ෂතා දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි විය.
මෙහිදී ඉසව් කීහිපයක ජයග්‍රහණ අත්කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව, පහත සඳහන් ජයග්‍රහණ නාවික හමුදාව විසින් දිනා ගන්නා ලදි.
Group M STD/MOD Up to 125cc (2T) Race
ප්‍රථම ස්ථානය | - | නායක නැවි එම්එන් පෙරේරා | ||
තෙවන ස්ථානය | - | නායක නැවි කසුන් විජේසේකර |
Group M STD/MOD Motor Cycles Over 175cc Up to 250cc & Over 100cc Up to 125cc (2T) 1 Race
දෙවන ස්ථානය | - | සාමාන්‍ය නැවි ශානුක සඳරුවන් |
Group M STD/MOD Motor Cycles Over 175cc Up to 250cc & Over 100cc Up to 125cc (2T) 2 Race
තෙවන ස්ථානය | - | සාමාන්‍ය නැවි ශානුක සඳරුවන් |
Group MX Over 175cc Up to 250cc & Over 100cc Up to 125cc (2T) Race
දෙවන ස්ථානය | - | සාමාන්‍ය නැවි ගයාන් සඳරුවන් |
Group M STD/MOD Motor Cycles over 175cc Up to 250cc (4T) & over 100cc Up to 125cc (T2) M Race 2
ප්‍රථම ස්ථානය | - | සාමාන්‍ය නැවි ශානුක සඳරුවන් |
මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් මෙන්ම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා, ජාතික රුපවාහිණි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් නිතිඥ තුසිර මලවිතන්ත්රි මහතා, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් මෙන්ම ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් ද සහභාගිවී සිටියහ.
තවද, මෙම තරඟාවලිය සාර්ථකව සංවිධානය කිරීම සහ සාර්ථකව පැවැත්විම අගයනු වස් ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති, එම්කේ හුසෙන් මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට සමරු තිලිණයක් ද ප්රදානය කරන ලදී.





































