ආරක්ෂක සේවා කායවර්ධන තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදාවට
ආරක්ෂක සේවා කායවර්ධන තරඟාවලිය පසුගිය ජුනි 26 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැති අතර, නාවික හමුදා කණ්ඩායම එහි අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර, එහි ශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදාව සමත් වන ලදී. තවද, පහත සඳහන් බර පංති යටතේ ජය තහවුරු කර ගැනීමට නාවික හමුදා කායවර්ධන ක්‍රීඩකයින් හට හැකියාව ලැබිණි.
කිලෝග්‍රෑම් 60 බර පංතිය
නායක ලිපිකරු බීඒඑස් ප්‍රසන්න
කිලෝග්‍රෑම් 65 බර පංතිය
නායක ඉංජිනේරු කාර්මික යූඑන්බී හේමචන්ද්‍ර
කිලෝග්‍රෑම් 70 බර පංතිය
නායක සංඥා ඩබ්ඩීසී ඩයස්
කිලෝග්‍රෑම් 75 බර පංතිය
නායක නැවි සුභාෂ් සිරිවර්ධන
මෙම තරඟාවලිය නැරඹිම සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදා සෙසු නිලයන් විශාල පිරිසක් ද සහභාගිවි සිටියහ.





