පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්රධානී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා (General Zubair Mahmood Hayat) අද (ජුනි 28) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත එතුමා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව නාවික සම්ප්රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමා වෙත පිරිනැමීය. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහභාගී වී සිටියහ.
ඉන් අනතුරුව, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා, නාවික හමුදාධිපතිතුමා හමුවී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කථාබහක නිරත විය. එහිදී, ඔවුන් උපායමාර්ගික ආරක්ෂක සම්බන්ධතා ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා පාකිස්ථානු ආරක්ෂක උපදේශක, කර්නල් සජාඩ් අලි මහතා ද සහභාගී විය.







