කැනේඩියානු ආරක්ෂක උපදේශක නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් මයික් හෝගන් මහතා අද (ජුනි 29) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා හමුවිය.
එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



