ඉන්දියානු ආරක්ෂක උපදේශක උතුරු මැද නාවික විධානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා ඊයේ (ජුනි 28) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා විසින් විධාන මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.
එහිදී, කපිතාන් අශෝක් රාඕ මහතා, ආඥාපතිතුමා හමුවී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. ඉන් අනතුරුව, එතුමා තලෙයිමන්නාරම ජැටිය ප්‍රදේශයේ නීරික්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, එම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.






