කපිතාන් චන්දිම සිල්වා මහතා ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) චන්දිම සිල්වා මහතා අද (ජුනි 29) දින වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (සංඥා) අසංග රණසූරිය මහතා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමල’ නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි. ත්‍රිකුණාමලය, නිකල්සන්කෝව් ජැටිය පරිශ්‍රයේදී පැවති එම භාර දීමේ/භාර ගැනීමේ උත්සව අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.











