232 වන ආධුනික බඳවා ගැනීමේ අන්තර් අංශ මළල ක්‍රීඩා තරඟාවලිය පැවැත්වෙයි
232 වන ආධුනික බඳවා ගැනීමේ අන්තර් අංශ මළල ක්‍රීඩා තරඟාවලිය ඊයේ (ජුනි 30) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්ෂා’ ආයතන ක්‍රීඩා පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහිදී ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියක් පැවති අතර, ඒ සඳහා 232 වන ආධුනික බඳවා ගැනීමට අයත් සියළුම අංශයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටියහ.
උසස් දක්ෂතා පිළිඹිබු වූ මෙම තරඟාවලියේ පිරිමි සමස්ථ ශූරතාවය ප්‍රතාප අංශය විසින් දිනා ගත් අතර, එහි කාන්තා සමස්ථ ශූරතාවය යශෝධරා අංශය හිමි කර ගන්නා ලදී. තවද, තරඟාවලියේදී පහත සඳහන් පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ හිමි කර ගන්නා ලදී.
දක්ෂතම ජවන ක්‍රීඩක සහ දක්ෂතම මළල ක්‍රීඩක
ආධුනික නැවි ඒපීඑස්එස් දිල්ශාන් (ජයසාගර අංශය)
දක්ෂතම පිටිය ක්‍රීඩක
ආධුනික නැවි කේඑන්එම් ජයතිලක (අභීත අංශය)
දක්ෂතම ජවන ක්‍රීඩිකාව
ආධුනික කාන්තා නැවි එච්එම්ජේඑන් හේරත් (යශෝධරා අංශය)
දක්ෂතම පිටිය ක්‍රීඩිකාව සහ දක්ෂතම මළල ක්‍රීඩිකාව
ආධුනික කාන්තා නාවික එච්එම්එස් මධුවන්ති (යශෝධරා අංශය)
එමෙන්ම, මෙම මළල ක්‍රීඩා උත්සවයේදී හොඳම නිවාසය තේරිමේ තරඟයක් ද පැවැති අතර, එහිදි රණවික්‍රම සහ යශෝධරා අංශ මඟින් නිර්මාණය කරන ලද ‘වැදි ගම්මානය’ ප්‍රථම ස්ථනය හිමි කර ගන්නා ලදී. එහි දෙවන සහ තෙවන ස්ථානය පිළිවෙලින් හිමිකර ගන්නා ලද්දේ, සයුර සහ සමුදුර අංශ මඟින් නිර්මාණය කරන ලද ‘බලකොටුව’ නිර්මාණය සහ උදාර හා ප්‍රතාප අංශ නිර්මාණය කරන ලද ‘කෝපි කඩේ’ නිර්මාණය හිමිකර ගන්නා ලදී.
ඉතා වර්ණවත් ලෙස පැවැත්වූ එහි සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරි, කපිතාන් අශෝක විජේසිරිවර්ධන මහතා සහභාගී විය.එම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවිකයන් ඇතුළු පුහුණු වන නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.














