නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ නීති විරෝධී මත් ද්‍රව්‍ය විකීණිම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් හා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් එක්ව පසුගිය ජූනි 26 වන දින කරේයිනගර්, සීනෝර් ජැටියේදී නීති විරෝධී මත් ද්‍රව්‍ය අලෙවි කරමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 16 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාර දෙන ලදී.
වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පරිසක් පසුගිය ජුනි 26 වන දින වනාතවිල්ලුව මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී තහනම් දැලක් සහ වල්ලම් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, තහනම් දැල සහ වල්ලම් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුනි 28 වන දින හලාවත කළපු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී තහනම් දැල් 02 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, තහනම් දැල් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
මුර සංචාරයක නිරතව සිටි උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුනි 28 වන දින පේදුරුතුඩුව ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 15 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2591 ක්, හක් බෙල්ලන් 04 ක් සහ ඩිංගි යාත්‍රා 06 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය, හක් බෙල්ලන්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර පරීක්ෂක වෙත භාර දෙන ලදී.
පසුගිය ජූනි 29 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 06 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
පසුගිය ජුනි 29 වන දින බටහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පානදුර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව අල්ලන ලද පොකිරිස්සන් කිලෝග්‍රෑම් 06 ක්, මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 08 ක්, මසුන් කිලෝග්‍රෑම් 25 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, පොකිරිස්සන්, මුහුදු කූඩැල්ලන්, මසුන් තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පානදුර ධීවර පරීක්ෂක වෙත භාර දෙන ලදී.
තවද, නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් ඊයේ (ජුලි 01) නෝර්වේ දුපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 123 ක්, තහනම් දැලක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, මසුන් තොගය, තහනම් දැල, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.













