ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනය සිය 21 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනයේ 21 වන සංවත්සරය පසුගිය ජුනි 27 වන දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (නාසෙ) අර්ජුන පෙරේරා සහ විධායක නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් (නාසෙ) මාලින්ද වෙන්නවත්ත මහතා ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ සියළුම ආයතන නියෝජනය වන පරිදි සුහද ක්‍රිකට් තරඟාවලි ඇතුළු විවිධ ක්‍රීඩා ඉසව් පැවැත්විමට කටයුතු කරන ලදී. තවද, නාවික සම්ප්‍රදායානුකූලව ආයතනයේ අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්විණි. ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනයේ 21 වන සංවත්සරයේ නිමාව සනිටුහන් කරමින් රණවිරු රියල් ස්ටාර් ගායකයින් පිරිවරා වර්ණවත් සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී. එම අවස්ථාව සඳහා උතුරු මැද නාවික ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.












