අධ්‍යාපන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මුලස්ථානය වෙත පැමිණෙයි
එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ (Michel Tedzani Moyo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහල නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (ජුලි 03) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී දූත මණ්ඩල ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවි සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හී සිදුකරන ලද මානුෂීය මෙහෙයුම් තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියා කළ ආකාරය සහ භාවිතා කළ යුධ ශිල්පීය උපක්‍රම සම්බන්ධයෙන් දැනුම හුවමාරු කිරීම උදෙසා සාකච්ඡාවක් පැවැත්වූ අතර, විශේෂයෙන් කුඩා බෝට්ටු සංකල්පය මානුෂිය මෙහෙයුම සඳහා උපයෝගී කර ගත් ආකාරයත්, මානුෂීය මෙහෙයුම සඳහා රජයෙන් ලබා දුන් සහයෝගය සම්බන්ධ අදහස් ද සාකච්ඡාවට බඳුන් විය.
මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, අධ්‍යක්ෂක ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් රසික දිසානායක මහතා, අධ්යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.












