අනතුරට පත් TROPIC FISHERY 102 ධිවර යාත්රාව කොළඔ වරායට රැගෙන ඒම සඳහා නාවික හමුදාව සහය වෙයි
දීක්ඕවිට ප්රදේශයෙන් දියත් කරන ලද TROPIC FISHERY 102 ධිවර යාත්රාව ඊයේ (ජුලි 03) දින කොළඹ වරායේ සිට නාවික සැතපුම් 12 ක් පමණ දුරින් තිබියදී නෞකාවේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදේ අතරමංව සිටින බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත ටග් යාත්රාවක් මගින් අනතුරට පත් නෞකාව කොළඹ වරාය වෙත ඇදගෙන ඒමට කටයුතු කෙරිණි.





