අධ්‍යාපන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ (Michel Tedzani Moyo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහල නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස අද (ජුලි 05) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී දූත මණ්ඩල ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ මහතා, නැගෙනහිර ප්‍රදේශ භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවි සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
ඉන් අනතුරුව, නැගෙනහිර ප්‍රදේශයේ වැදගත් කම හා නාවික හමුදාවේ කාර්යභාර්ය සම්බන්ධයෙන් පැමිණ සිටි දූත පිරිස දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නැගෙනහිර ප්‍රදේශ භාර ආඥාපති තුමන් සහ නැගෙනහිර ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.





