‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජුනි මස 29 සහ 30 යන දෙදීන තුල ත්‍රිකුණාමලය, ට්‍රින්කෝ බ්ලූ (TRINCO BLU ) හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.
එම තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රීඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC), කොළඹ අන්තර්ජාතික නාවික හා ඉංජිනේරු විද්‍යාලීය රුවල් යාත්‍රා සමාජය (CINEC), රුහුණු රුවල් යාත්‍රා සමාජය (RSA), කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය රුවල්යාත්‍රා සමාජ (St Thomas College) යන රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයින් 56 දෙනෙකු රුවල් යාත්‍රා 49 කින් සහභාගී වූ අතර, මෙම තරඟාවලිය නැරඹිම සඳහා දෙස් විදෙස් සංචාරකයින් බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී පවත්වන ලද විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා නාවික හමුදාව ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.
ලේසර් ස්ටැන්ඩර්ඩ් (Laser standard)
ප්‍රධාන සුළු නිලධාරී | ඩබ්ඒආර් නිශාන්ත | ප්‍රථම ස්ථානය |
බළ නැවි | ජේඑස් සෙනවිරත්න | දෙවන ස්ථානය |
සුළු නිලධාරී | කේවීඑන් දිමාල් | තෙවන ස්ථානය |
ලේසර් රේඩියල් (Laser Redial)
නායක නැවි | පිඩිඩිඑස් රාජපක්ෂ | ප්‍රථම ස්ථානය |
සුළු නිලධාරී | ජේඑම්පීඑල් ජයසූරිය | දෙවන ස්ථානය |
නායක නැවි | ඩබ්ඒඑස් වීරතුංග | හයවන ස්ථානය |
බළ නැවි | පීඑන්පීකේ දිසානායක | දහවන ස්ථානය |
ලේසර් විවෘත (Laser Open)
නායක නැවි | පිඩිඩිඑස් රාජපක්ෂ | ප්‍රථම ස්ථානය |
ප්‍රධාන සුළු නිලධාරී | ඩබ්ඒආර් නිශාන්ත | දෙවන ස්ථානය |
සුළු නිලධාරී | ජේඑම්පීඑල් ජයසූරිය | තෙවන ස්ථානය |
එන්ට්‍රපයිස් (Enterprise)
සුළු නිලධාරී | එන්ජීඑම්යු ගුණවර්ධන | ප්‍රථම ස්ථානය |
බල සෙබල | යුඩී රාජපක්ෂ | |
නායක නැවි | ඩබ්එම්සී මාරඹේ | දෙවන ස්ථානය |
බළ නැවි | ඒඑස්කේ සොයිසා | |
බළ නැවි | ජේඑච්එම්පීඅයි ජයපද්ම | තෙවන ස්ථානය |
සුළු නිලධාරී | සීකේ සේනාරත්න | |
බළ නැවි | ජේඑච්එම්පීඅයි ජයපද්ම | තෙවන ස්ථානය |
සුළු නිලධාරී | සීකේ සේනාරත්න | |
බළ නැවි | කේසී ද සොයිසා | සිව්වන ස්ථානය |
නායක නැවි | කේජීසීයුඑස් බංඩාර | |
සුළු නිලධාරී | ඩබ්පීයුඑස් කුමාර | පස්වන ස්ථානය |
නායක නැවි | ඒඑම්ජේපී අත්තනායක | |
බළ සෙබල | ජිපීපී කරුණාරත්න | හයවන ස්ථානය |
සාමාන්‍ය නැවි | එල්ඒසීඑම් ගුණතිළක | |
නායක නැවි | ඩබ්ඒඩීආර් කුමාර | හත්වන ස්ථානය |
බළ නැවි | එම්එච්එස් ලක්මාල් |
විවෘත (Open)
නායක නැවි | පිඩිඩිඑස් රාජපක්ෂ | ප්‍රථම ස්ථානය |
සුළු නිලධාරී | එන්ජීඑම්යු ගුණවර්ධන | දෙවන ස්ථානය |
බළ සෙබල | යුඩී රාජපක්ෂ | |
ප්‍රධාන සුළු නිලධාරී | ඩබ්ඒආර් නිශාන්ත | තෙවන ස්ථානය |








