ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව ඊයේ (ජුලි 07) නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක නෞකාවක් මඟින් ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
කරෙයිනගර් ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ආ අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අණතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.









