රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා අද (ජුලි 08) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. එම විධානය භාර හිටපු ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් නාවික තඨාකංගණයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී සිය ධුරයේ රාජකාරි රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා වෙත භාර දිම සිදු කෙරිණි.
එහිදි නව ආඥාපතිතුමන් වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් නැගෙනහිර නාවික විධානය වෙත පිළිගත් අතර, හිටපු ආඥාපතිතුමන් හට සහෘද නිලධාරීන් සුභ පැතිමෙන් අනතුරුව නාවික සම්ප්‍රදානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් එතුමන් වෙත සමුදෙන ලදී. මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරින් රැසක් සහභාගී වී සිටියහ.
















