ගංවතුර අවධානම අවම කිරීමට නාවික හමුදා දායකත්වය
අනුරාධපුර මල්වතුඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවධානම අවම කිරීමේ අරමුණෙන් සංවිධානය කළ “ආපදාවට පෙර සුදානම” වැඩසටහන යටතේ මල්වතුඔය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (ජුලි 07) දින ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජර්මානු පාලම අසලින් ආරම්භ විය. එම අවස්ථාවට ආපදා කළමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු ත්රීවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
මෙම වැඩසටහන ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉටු කරයි. මේ සඳහා උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් සහ නාවිකයන් පනස් දෙනෙකුගෙන් (50) යුත් කණ්ඩායමක්, අවශ්‍ය බෝට්ටු හා උපකරණ සමඟ සහභාගී වු අතර, රොන් මඩ හා ආක්රමණික ජලජ ශාක නිසා අවහිර වී ඇති මල්වතු ඔය පිරිසිදු කිරීම මගින් ජල මාර්ග අවහිරතා ඉවත් කර ඉවුරු පුළුල් කිරීම හා ගංවතුර ඇතිවන ප්‍රදේශවල ඉවුරු දෙපස ශක්තිමත් කර පැති බැමි ඉදිකිරීම යන කාර්යයන් මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය.











