ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්රීකාන්ඩ්’ නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
දින 3 ක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්රීකාන්ඩ්’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් උපාල් කුණ්ඩු මහතා අද (ජුලි 9) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශේකර් මිෂ්රා මහතා ද සහභාගී විය.
එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



