ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ සිව්වන (4) සංවත්සරය අභීමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළාරක්ෂක මුර නෞකාවක් වන ශ්‍රීලංනානෞ මිහිකත නෞකාව අද (ජුලි 9) වන දින සිය අභිමානවත් සිව්වන (4) සංවත්සරය සමරන ලදී.
මිහිකත නෞකාවේ සිව්වන ස්ංවත්සරයට සමගාමීව නොකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ඊඑමිඒ බංඩාර සහ විධායක නිළධාරී, ලුතිනන් කොමාණ්ඩර් එස්ඩී වීරසිංහ යන නිලධාරීන් හා නැව් මුළුව විසින් ආගමික වතාවත් හා නාවික සමිප්රදායන්ට මුල් තැන දෙමින් විවිධ වැඩ සටහන් රැසක් සිදුකරන ලදි.
ඒ අනුව පසුගිය ජුලි 06 වන දින මාගල්ල ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද බෝධි පුඡා පිංකමක් සිදුකළ අතර, ජුලි මස 7 වන දින නෞකාවට අනුයුක්තව රාජකාරී කරන නාවික පුද්ගලයින්ගේ පවුල්වල සාමාඡිකයින් එක්ව රෑමස්සල වෙරළ තීරයේ සුහද හමුවක් පැවැත්වීමට කටයුතු කරන ලදී. එහිදී නාවික පවුල්වල සාමාජිකයින් හට විනෝදාත්මක විවිධ ක්‍රීඩා ඉසව් රැසක් පැවැත්විය.
අද (ජුලි 9) දින ශ්‍රීලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ශ්‍රීලංනානෞ මිහිකත නෞකාවේ විධායක නිළධාරී, ලුතිනන් කොමාණ්ඩර් එස්ඩී වීරසිංහ නිලධාරී තුමන් විසින් අංශ පිරික්ෂුම සිදු කිරීමෙන් අනතුරුව මංඟල භෝජන සංග්‍රහයක් (Badakana) පවත්වන ලදී.











