ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාවේ සිව්වන (4) සංවත්සරය අභීමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළාරක්ෂක මුර නෞකාවක් වන ශ්‍රීලංනානෞ රත්නදීප නෞකාව අද (ජුලි 9) දින එහි අභිමානවත් සිව්වන (4) සංවත්සරය සමරන ලදී.
රත්නදීප කෞකාවේ සිව්වන සංවත්සරයට සමගාමීව නොකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ජනිත බුද්ධික සහ විධායක නිළධාරී, ලුතිනන් කොමාණ්ඩර් අසංක ද සිල්වා යන නිලධාරීන් හා නැව් මුළුව විසින් ඊයේ (ජුලි 8) දින හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බෝධි පුජාමය පිංකමක් පවත්වා ආගමික වතාවත් සිදුකරන ලදි.
ඒ අනුව, අද (ජුලි 9) දින ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ශ්‍රීලංනානෞ රත්නදීප නෞකාවේ අණදෙන නිළධාරී, කොමාණ්ඩර් ජනිත බුද්ධික නිලධාරී තුමන් විසින් අංශ පිරික්ෂුම සිදු කිරීමෙන් අනතුරුව මංඟල භෝජන සංග්‍රහයක් (Badakana) පවත්වන ලදී.





