මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් උතුරු නාවික විධානයේ වීදි නාට්‍ය වැඩසටහනක්
ජුනි 26 වන දිනට යෙදී තිබූ මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ජුනි 26 වන දින සිට ජුලි 02 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට තිබුණි. ඒ අනුව උතුරු නාවික විධානයේ ස්ථාපිත කර ඇති මානසික සෞඛ්‍ය ඒකකය විසින් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් හට මත්ද්‍රව්‍ය නිවාරණය හා පුද්ගල සංවර්ධනය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වීදි නාට්‍යක් නිර්මාණය කර එය උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් හට ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබුණි.
ඒ අනුව, ජුලි 03 වන දින සිට ජූලි 05 වන දින දක්වා උතුරු නාවික විධානයට අයත් සියලු නෞකා, යාත්‍රා සහ ආයතන ආවරණය වන පරිදි ‘දුම්පානයෙන් වැළකීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය’ යන තේමාව යටතේ වීදි නාට්‍ය ප්‍රදර්ශනය කර ඇති අතර, මෙම වීදි නාට්‍ය තුලින් පවුල්වල ඇතිවන ප්‍රධාන ගැටළු මෙන්ම අනෙකුත් සියලු භෞතික හා මූල්‍ය ගැටලු සඳහා මත්පැන් හා දුම්වැටි සම්බන්ධ කරුණු ඉදිරිපත් කරන ලදී. මෙම වීදි නාට්‍ය මඟින් නව සෞන්දර්ය්ය අත්දැකීමක් ලබා ගැනීමට නාවික පුද්ගලයින් හට අවස්ථාව හිමිවු අතර, එමඟින් ඔවුනට සිය මානසික ඒකාග්‍රතාවය සැහැල්ලු කර ගැනීමටද අවස්ථාව හිමිවන ලදී.
මෙම වීදි නාට්‍ය වැඩසටහන් මාලාවේ පලමු ප්‍රදර්ශනය පසුගිය ජුලි 03 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයෙන් ආරම්භ කළ අතර, ජුලි 04 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා එළාර සහ අග්බෝ ආයතනවලද, ජුලි 05 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව, වේළුසුමන සහ ගෝඨයිම්බර යන ආයතනවලද ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලදී.

















