කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත. ඒ අනුව, ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පසුගිය ජූලි 04 වන දින සිට මෙම සත්කාර සේවය ආරම්භ කර ඇත.
දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ පා ගමනින් පැමිණෙන එම බැතිමතුන්ගේ සියළුම අවශ්‍යතාවයන් සපුරාලීමට නාවික හමුදාව කටයුතු සම්පාදනය කොට ඇත. ඔවුන් හට අවශ්‍ය ආහාර, පානීය ජලය හා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම ඒ අතරින් ප්‍රධාන වේ. එමෙන්ම දුෂ්කර මාර්ගයන් ඔස්සේ ගමන් කිරීම සඳහා අවශ්‍ය උදවු උපකාර ලබා දීමටත්, වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමටත් ගිණිකොන නාවික විධානය විසින් පියවර ගෙන ඇත.


















