අන්තර්ජාතික ‘මුහුදු ඉරිදා දින’ දේව මෙහෙය සැමරිමට නාවික හමුදාව එක්වෙයි
කොළඹ නාවිකයින්ගේ මීසම විසින් අන්තර්ජාතික ‘මුහුදු ඉරිදා දින’ දේව මෙහෙය සැමරිමට කටයුතු කළ අතර, ඒ අනුව පසුගිය ජුලි මස 08 වන ඉරු දින දේව මෙහෙය කොළඹ කොටුව, ශාන්ත පීතර දේවස්ථානයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. තවද, එම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී වීය.
එහි ප්‍රධාන දේව මෙහෙය කොළඹ, ශාන්ත පීතර දෙවස්ථානයේ ගරු චන්ද්‍රන් ක්‍රිස්පස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එමෙන්ම, කොළඹ නාවිකයන්ගේ මීසම භාර සභාපති, කපිතාන් රවී ජයවික්‍රම මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර, නාවික හමුදා වාද්‍ය වෘන්දය එහි සංගීතය සැපයිමට කටයුතු කරන ලදී.





