මන්නාරම පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ල සිසු අයිතියට
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මඟපෙන්විම යටතේ මන්නාරම, පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරන ලද පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම පසුගිය ජුලි 13 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම උත්සව අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂ, එස්එස් සෙබස්තියන් මහත්මිය සහ විද්‍යාලීය විදුහල්පති, විජයකුමාර් මහතා සහ විද්‍යාල ගුරුභවතුන් , සිසුන් මෙන්ම දෙමාපියන් පිරිසක් ද සහභාගීවි සිටියහ.
මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතාගේ සහ ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ඉන්දික ගුණවර්ධන මහතාගේ සෘජු අධික්ෂණය යටතේ රුපියල් මිලියන 1.8 අධික පිරිවැයක් දරමින් ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිය ශ්‍රම දායකත්වය සපයා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට කටයුතු කර ඇත.
විද්‍යාලයේ උසස් පෙළ හදාරනු ලබන සිසුන් සඳහා ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්‍ය අනුග්‍රහය සපයන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පදනම, ආචාර්ය සූකුමාර් නාගේන්ද්‍රන් මහතා, වායූ රිසෝට් ආයතනය සහ ඇල්ලි වීරසිංහ (පුද්.) සාමාගම වන අතර, මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීම සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ සහ විද්‍යාලයේ විදුහල්පති මෙන්ම දෙමාපියන් ද සිය ප්‍රශංසාව නාවික හමුදාව වෙත පිරිනමන ලදී.















