ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 31 (තාක්ෂණික) සහ 32 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය සහ 57 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු පසුගිය ජුලි 14 අධිකාරියට පත් කරන ලදී. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු ඔවුන් විසිර යන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.
ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, නැගෙනහිර නාවික ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නාවික ප්‍රදේශභාර ආඥාපතිවරුන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා, නාවික හමුදා මුලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ සහ ගුවන් හමුදාවන්හි පුහුණුවන නිලධාරින් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන් මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගීවී සිටියහ.
පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන ප්රදානය කෙරිණි. ඒ අනුව, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය 31 වන (තාක්ෂණික) බඳවා ගැනීමට අයත් සමස්ත හා වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය, මධ්‍ය නිලධාරි එම්එම්සීඑම් මොරමුදලි හිමි කර ගන්නා ලදී. තවද, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය 32 වන බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියා වෙත පිරිනමනු ලබන අසිපත සහ කුසලානය මධ්‍ය නිලධාරී පීඒඑස්ටී පෙරේරා හිමි කර ගන්නා ලද අතර, සියළුම විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියා ලෙස මධ්‍ය නිලධාරී ටීජිඩීපී පුර්ණීමල් සම්මාන හිමි කර ගන්නා ලදී. මධ්‍ය නිලධාරී (කාන්තා) ජියූවයිආර් ජයවර්ධන වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුලසානය හිමි කර ගන්නා ලද අතර, දක්ෂතම ක්‍රීඩීකාවට හිමි සම්මානය මධ්‍ය නිලධාරි (කාන්තා) එස්ඒජිකේ සතරසිංහ හිමි කර ගන්නා ලදී. බඳවා ගැනීමේ හොඳම ඉලක්කකරුට හිමි සම්මානය ආර්යූ ලියනගේ විසින් හිමි කර ගන්නා ලදී. එමෙන්ම, 57 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියා සහ සියළුම විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ කුසලානය මධ්‍ය නිලධාරී වයිඒඩීඑස්එස් යාපා හිමි කර ගන්නා ලද අතර, මධ්‍ය නිලධාරී කේජිආර්ඩී නාමල්ගමුව වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු සහ ජල තරණ විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය හිමි කර ගන්නා ලදී. දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි එන්පීඩී ද සිල්වා හිමි කර ගත් අතර, මධ්‍ය නිලධාරි පීඑච්එස්සී ලක්සිත හොඳම ඉලක්කකරුට හිමි සම්මාන හිමි කර ගන්නා ලදී.
අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ නාවික හමුදාධිපතිතුමා විසින් ප්‍රකාශ කර සිටියේ අධිකාරියට පත් කළ නිලධාරීන් හට සිය වෘත්තීමය ජීවිතය පිළිබඳව අපේක්ෂාවන් ඇති සේම මාතෘ භූමියට ඔවුන් පිළිබඳව උසස් අපේක්ෂාවන් ඇති බවයි. තව දුරටත් අදහස් දැක්වූ එතුමන් හැකියාවන්ගෙන් පරිපූර්ණ නාවික නිලධාරීන් වශයෙන් මෙම නිලධාරීන් වගකීමකින් යුතුව අනාගත නාවික හමුදාව මෙහෙයවනු ඇති බවට විශ්වාසය පළ කරන බව සඳහන් කරන ලදී. තවද, මෙම නව නිලධාරීන් ලද මනා පුහුණුව හේතුවෙන් තම රාජකාරිය කාර්යක්ෂම ලෙස ඉටු කරනු ඇති බවට ද එතුමන් විශ්වාසය පළ කරන බැව් පවසමින්, තම දරුවන් මාතෘ භූමිය රැකගැනීම වෙනුවෙන් නාවික හමුදාව වෙත යොමු කරවීම පිළිබඳව එම දෙමාපියන් හට ස්තූතිය පුද කර විසිර ගිය තරුණ නිලධාරින් හට සුභාසිංෂණ එක් කරන ලදි.
නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමගින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් විය. අධිකාරියට පත් නිලධාරීන් 75 දෙනා අතරට 31 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය (තාක්ෂණික) බඳවා ගැනීමේ නිලධාරීන් 26 දෙනෙක්, 32 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය බඳවා ගැනීමේ නිලධාරීන් 28 දෙනෙක් සහ 57 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමේ නිලධාරීන් 21 දෙදෙනෙකු ඇතුළත් විය.











































