නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයකදී පසුගිය ජුලි 14 වන දින නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
ඒ අනුව, ත්රිකුණාමලය, ෆ්ලැග් ස්ටාෆ් (Flag Staff) ප්රදේශයට ගිණිකොන දෙසින් සහ උතුරු දෙසින් වූ මුහුදු ප්රදේශයන්හිදි තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්, මීටර් 225 ක් පමණ දිගකින් යුත් තහනම් දැල් 02 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 02 ක් සහ මුහුණු ආවරණ 02 ක් නාවික හමුදා අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්රා සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය, සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
මෙවැනි නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලීමේ කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරන අතර, ඒ සඳහා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේනතුව සහ ශ්රී ලංකා වෙරළාරක්ෂ දෙපාර්තමේනතුව සමඟ ඒකාබද්ධව මෙහෙයුම් කටයුතු ක්රියාත්මක කරමින් සිටි.







