ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඔකඳ සිට කතරගම දක්වා සිය පාද යාත්‍රාව අරඹයි
කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පසුගිය ජුලි 14 වන දින ඔකඳ සිට කුමණ ජාතික උද්‍යානය හරහා කතරගම දක්වා පාද යාත්‍රාව ආරම්භ කරන ලදී.
තවද, මෙම පාද යාත්‍රාව ගමන් කිරීමට ප්‍රථම ආරක්ෂක මාණ්ඩලික ප්රධානීතුමන් ඇතුළු පිරිස ඔකඳ, මුරුගන් දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පාද යාත්‍රාවේ යෙදුණු අතර, මෙම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා ඇතුළු ගිණිකොන නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගීවන ලදී.














